Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුම්බායි පිලට ලකුණු 25 ක ජයක්

මුම්බායි පිලට ලකුණු 25 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගය ලෙස අහ්මද්‍රාබාද්හිදී අද (19) පැවැති දිනයේ පළමු තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 25 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කළේය.

කරුන් නයීර්, රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැුස්කිරීමට සමත් විය.

කරන් පොලාඞ්, කෙවින් කූපර් දවා ගැනීමට හතරේ සීමාවේ සිට රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව මෙම තරගයේදී කැපී පෙනුණි. මුම්බායි පිල වෙනුවෙන් ලින්ඞ්ල් සීමන්ස් පන්දු 51 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 62 ක් රැස් කළේය.

මුම්බායි ආරම්භක පිතිකරුවන් වන මයික් හසී (56) සහ ලින්ඞ්ල් සීමන්ස් (62) ලකුණු 120 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

රෝහිත් ශර්මා අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 19 කී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස් කිරීමට සමත් විය.
මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


 මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 178 (මයික් හසී 56, ලින්ඞ්ල් සීමන්ස් 62, කරන් පොලාඞ් නොදැවී 14, රෝහිත් ශර්මා 40, අන්කිට් ශර්මා 23/2)
 
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 153
(කරුන් නයීර් 48, බ‍්‍රැඞ් හොජ් 40, ජේම්ස් ෆෝක්නර් නොදැවී 31, ක‍්‍රිෂ්මාර් සන්ටොකි 50/2, ප‍්‍රගයන්  ඕජා 30/2, හර්බජාන් සිං 13/2, ශරියාස් ගෝපාල් 25/2)

 

- 048


අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 25 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.