Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුම්බායි පිල පස්වැනි පරාජයත් ලබයි

මුම්බායි පිල පස්වැනි පරාජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 15 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කළේය.

මෙම පරාජයත් සමග මුම්බායි පිල මේ දක්වා සහභාගි වූ තරග පහම පරාජයට පත්වීම කැපී පෙනේ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කය හඹාගිය මුම්බායි පිලට  ඕවර 20 දී කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි.

කරන් පොලාඞ් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 48 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 78 ක් රැුස් කිරීමට සමත් විය.

අමිට් මිෂ්රා යැවු ඉනිමේ 17 වැනි  ඕවරයට කරන් පොලාඞ් හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් ජයග‍්‍රහණයට යාහැකි තත්ත්වයට මග සකස් කළ ද කඩුලූ බිඳ වැටීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.

පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලේ ඬේවිඞ් වෝනර් පන්දු 51 කදී හතරේ පහරක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

හයිද්‍රාබාද් පිලේ නායක ශීකර් දාවන් ලකුණු 6 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.

මුම්බායි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 28 ක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.

මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 172 (ඒරන් ෆින්ච් 16, ලෝකේෂ් රාහුල් 46, ඬේවිඞ් වෝනර් 65, ඩැරන් සැමී 10, සහීර් ඛාන් 26/2, කොරි ඇන්ඩසන් 18/2)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 157 (බෙන් ඩුන්ක් 20, කරන් පොලාඞ් 78, අම්බාටි රයිඳු 35, ඬේන් ස්ටෙයින් 20/2, බුවනේෂ්වර් කුමාර් 17/2, ඉර්ෆාන් පතන් 10/2)


- 048

 


අදහස් (1)

මුම්බායි පිල පස්වැනි පරාජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.