Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුදිත - අභිෂේක් ශතක ලබති

මුදිත - අභිෂේක් ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුනෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුදිත ලක්ෂාන් (123) සහ අභිෂේක් ලියනාරච්චි (101) ශතක ලබාගනිමින් ඩි.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.


මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(ගයන්ත වික්‍රමතන්ත්‍රී 45, කවීන් බණ්ඩාර 39, බ්‍රයන් කරුණානායක 32, සුපුන් සුමනරත්න 25, තරිඳු නවෝද්‍ය 60/4, අමිත දාබරේ 08/2)

ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 369
(මුදිත ලක්ෂාන් 123, අභිෂේක් ලියනාරච්චි 101, ටෙරන් බාස්කරන් 46, අමිත දාබරේ 38, අයන්ත ද සිල්වා නොදැවී 33)

මලියදේව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 209
(ඉෂන්ජන හෙට්ටිආරච්චි 76, බ්‍රයන් කරුණානායක 47, සුපුන් සුමනරත්න 42, මුදිත ලක්ෂාන් 57/4, මනේන්ද්‍ර ජයතිලක 35/4, යශේන් කෙනුල 18/2)

ඩි.එස්.සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 6.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 42

 


අදහස් (0)

මුදිත - අභිෂේක් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.