Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීටර 800 ඉසව්වෙන් ඉවත්ව තරුෂි පාසල් තරග බිමට සමුදෙයි

මීටර 800 ඉසව්වෙන් ඉවත්ව තරුෂි පාසල් තරග බිමට සමුදෙයි

editorial - 2023 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීටර් 800 (කාන්තා) ඉසව්වේ ආසියානු ශූරි වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී අද (27) එම ඉසව්වට තරග වැදීමෙන් වැළකී සිටියාය.

ඒ හැරෙන්නට ඇය සහභාගිවීමට නියමිතව සිටි මිටර් 4x400 (බාලිකා  වයස 20න් පහළ) ඉසව්වෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග 19 හැවිරිදි මෙම පාසල් ක්‍රීඩිකාව පාසල් තරග සහභාගිත්වය අවසන් කළාය.

කෙසේ වුවත් තරගාවලියේ පැවැති මීටර් 400 හා මීටර් 100x4 - බාලිකා වයස 20 න් පහළ ඉසව් දෙකම නව වාර්තා පිහිටුවමින් ජය ගැනීමට තරුෂි සමත් වූවාය.

මෙම ක්‍රීඩිකාව මෙම වසරේ දී පැවැති ආසියානු ශූරතා, අසියානු ක්‍රීඩා හා ආසියානු යොවුන් ශූරතා යන ප්‍රධානතම අන්තර් ජාතික තරග මාලා තුනකදීම මිටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා අන්තර් ජාතික වශයෙන් ඉහළම අවධානයක් දිනා ගැනීමට සමත් වූවාය. ඒ හේතුවෙන් ඇය මෙම පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 (බාලිකා) ඉසව්වේ තරග වැදීම දැඩි අවධානයක් දිනා ගත් පුවතක් බවට පත්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් තරුෂි දිල්සාරාගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම පාසල් තරගාවලියට සහභාගි වෙමින් සිටින අතර තරුෂිගේ පිටකොන්දේ සුළු ආබාධ තත්ත්වයක් පැන නැගීම ඇය ඉසව් දෙකකින් ඉවත්වීමට ගත් තීරණයට හේතු වූ බවය.

ඒ අනුව තරුෂි සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියට වයස 16න් පහළ හා 20න් පහළ වයස් කාණ්ඩයන්ගෙන් මේ දක්වා තරග වැදී තිබෙන අතර ඇයට වයස 18 න් පහළ කාණ්ඩය අහිමි වූයේ 2020-21 සමයේ  රට තුළ පැන නැගුණු කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය අවලංගු වූ බැවිනි.

හෙටින් (28) නිමාවට පත්වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඊයේ (26) දිනය නිමාවන විට තරග වාර්තා 19ක් සටහන්ව තිබුණි.


අදහස් (0)

මීටර 800 ඉසව්වෙන් ඉවත්ව තරුෂි පාසල් තරග බිමට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.