Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 149 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පසිඳු උෂේට්ටි ලකුණු 68 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(රිෆාස් මොරොස් නොදැවී 43, හිරුණ සිගේරා 41, තසික නිර්මාල් 33, රසිත ලක්මාල් 29, කෙවින් පෙරේරා 19/3, පසිඳු උෂේට්ටි 34/3, අවීශ කේෂාන් 23/2)
මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58 කදී සියලුදෙනා දැවී ලකුණු 413
(ලසිත් කෲස්පුල්ලේ 104, රවිඳු ප්‍රනාන්දු 54, රොෂේන් ප්‍රනාන්දු 48, අශාන් ප්‍රනාන්දු 48, චතුර අනුරාධ 46, කෙවින් පෙරේරා 33, නවීන් ප්‍රනාන්දු නොදැවී 28, විමුක්ති ලංකා 79/4)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී සියලුදෙනා දැවී ලකුණු 70
(පසිඳු උෂේට්ටි 34/6, අවීශ කේෂාන් 09/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.