‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 18 වැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ සමත්වී ඇත.
ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 14402 ත් සමග මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 72079 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින රාජකීය විදුහලේ රන්දේව් පතිරණ ගෙවීගිය සතිය තුළදී ඡන්ද 11901 ක් ලබාගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාවද 66935 ක් දක්වා වර්ධනය වී තිබේ.
පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙලන් ඡන්ද 8108 ක් සහ 3110 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති.
සති ගණනාවක් පුරා නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණ රැකගෙන සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 121 ත් සමග මේ වන විට ඡන්ද 2904 ලබා සිටියි.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 2580 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්තිට හිමිවී ඇති අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ඡන්ද 49 ක් ලබාගෙන තිබේ. ඒ අනුව තවදුරටත් ඔහු පළමු ස්ථනයේ රැදීසිටින ධනුෂ්ක ළහිරුට අභියෝග කරමින් සිටියි. ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 324 ක් පමණි.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 4164 ත් සමගින් ඡන්ද 20000 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ. මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 20887 කි.
නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ඡන්ද 4763 ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පසුගිය සතිය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට ඔහු අපොහෙසත් වී තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශයට පත්වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ළහිරු වික‍්‍රමසිංහ | කඳාන ද මැසිනොද් විදුහල | 72079 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 66935 |
| අකිල ලක්ෂාන් | පානදුර රාජකීය විදුහල | 8108 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 3110 |
| පි‍්‍රයමාල් පෙරේරා | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2770 |
| නිමේෂ් ගුණසිංහ | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 2720 |
| ඒ. කේ. ටිරෝන් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 2691 |
| යශාන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 2613 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස්කුමර විදුහල | 2068 |
නැගීඑන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| ධනුෂ්ක ළහිරු | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2904 |
| ළහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 2580 |
| කලණ හසරංග | මාතර රාහුල විදුහල | 576 |
| හර්ෂ රාජපක්ෂ | මාතර රාහුල විදුහල | 512 |
| ලසිත ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල | 319 |
| සචින් ජයකොඩි | වත්තල ශාන්ත අන්තෝනි විදුහල | 140 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| රොමේෂ් මධුෂාන් | ලේටන් පාර්ක් විදුහල | 20887 |
| රසාංජන මල්ලිකාරච්චි | නුගේගොඩ ලයිසියම් විදුහල | 4763 |
| ෆර්සත් ෆාසල් | කොළඹ ගේට්වේ විදුහල | 319 |
| නිමේෂ පෙරේරා | වත්තල ලයිසියම් විදුහල | 211 |
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. එල්. රාධකි‍්‍රෂ්ණන්, ඊටන් වත්ත, පූඩලූඔය
2. සේපාල ජයසේකර, 10 බී. 83 එල්, ජාතික නිවාස සංකීර්ණය, රද්දෝලූගම
3. එම්. ඒ. එන්. කුමාරි, 45/1, මිහිඳු මාවත, මලබේ
4. ලෙනාඞ් බුල්ජන්ට්ස්, 152, දුම්බරතැන්න, කුණ්ඩසාලේ
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.