Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැක්ස්වෙල්ට එරෙහි නඩුව කල් යයි

මැක්ස්වෙල්ට එරෙහි නඩුව කල් යයි

editorial - 2024 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබෙන නඩුව විභාගයට ගැනීම ජනවාරි 15 වැනිදා දක්වා කල් දැමීමට අධිකරණය තීරණය කළේය.

එදින වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කරන ලෙසත් එහිදී අධිකරණය නියම කළේය. 

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් මහ ලේකම්වරයාට එරෙහිව  ක්‍රියාත්මක කිරීම සදහා ආචාර ධර්ම කමිටුව විසින් නිර්දේශ කරන ලද ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කර තිබියදීත් ඔහු තවදුරටත් මහලේකම් ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බැවින් එය වළක්වාලන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් දෙදෙනෙකු විසින් මෙම නඩුව පවරා තිබේ.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ  සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර පැන නැගී තිබෙන ගැටුම මේ වන විට උග්‍ර අතට හැරී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මහ ලේකම්වරයාට එරෙහිව සභාපතිවරයා විසින් අපහාස කිරීමේ චෝදනා මත පැවරූ නඩු දෙකක්ද අධිකරණයේ මේ වන විට ගොනු කර තිබේ.

මෙම අර්බුදය දුර දිග යාම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ඉකුත්දා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට කැදවමින් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.
දෙපිල බෙදී සිටින දෙපාර්ශවයම එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයා දෙපාර්ශවයටම උපදෙස් දුන්නේ ගැටළුව විසදා ගැනීම සදහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ උපදෙස් පිළිපදින ලෙසයි. එසේම මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් නොවීමට ඔලිම්පික් කමිටුව වග බලා ගත යුතු බවත් ඇමැතිවරයා කමිටුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය (2025 -28) ලබන දෙසැම්බර් මාසය ඉක්මවීමට පෙර පවත්වා අවසන් කළ යුතුය.එහෙත්  කමිටුවේ වත්මන් අර්බුදකාරී තත්වය මුල් කර ගනිමින් එය ලබන මාර්තු මාසය තුළදී පවත්වා අවසන් කිරීමේ යෝජනාවක් ඉකුත්දා පැවැති කමිටුවේ විෂේශ මහ සභා රැස්වීමේදී සභාපතිවරයාගේ විරෝධය මැද අනුමත විය.


අදහස් (0)

මැක්ස්වෙල්ට එරෙහි නඩුව කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.