Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැක්ස්වෙල් ඇගයීම් කමිටුවට පත්වෙයි

මැක්ස්වෙල් ඇගයීම් කමිටුවට පත්වෙයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් හා ශ‍්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා සම්මේලනයේ ක‍්‍රීඩා තරග ඇගයිම්  කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කළාපයෙන්ම මෙම තනතුරට පත්වූ පළමුවැන්නා වන්නේද මැක්ස්වෙල්ද සිල්වා මහතාය.

වර්ෂ 2022 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන නගරය තෝරා ගැනීම මෙම කමිටුවේ ප‍්‍රධාන කාර්යභාරය වේ. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මේ වන විට දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් නගරය සහ කැනඩාවේ එඞ්මන්ටන් නගරය උත්සාහ කරමින් සිටිති.

මෙ ඇගයීම් කමිටුවේ ප‍්‍රධානත්වය පොදුරාජ්‍ය සම්මේලනයේ ක‍්‍රීඩා මහලේකම් ලූස් මාටින් මහතා විසින් දරන අතර, ග්ලාස්ගෝ සංවිධාන කමිටුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ගේ‍්‍රවන් බර්ත්, ග්ලාස්ගෝ නගර සභාවේ ක‍්‍රීඩා හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉයන් හෝපර් හා ශ‍්‍රී ලංකාවේ මැක්ස්වෙල්ද සිල්වා යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

වසර 2022 දී පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය හිමි රාජ්‍ය ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල කමිටු රැුස්වීමකදී සිදුකෙරන ඡන්ද විමසීමකින් තීරණය වේ.


 - 033


අදහස් (0)

මැක්ස්වෙල් ඇගයීම් කමිටුවට පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.