Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැංගුස් සටනට අලෝකය හරස් වෙයි

මැංගුස් සටනට අලෝකය හරස් වෙයි

ශනුක අරවින්ද - 2018 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 60 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මන්දාලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය වූ අද (9 වැනිදා) සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කළුතර විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ කළුතර විද්‍යාලයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් තිස්ස විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස්කළේය. එහිදී යොහාන් රවිෂ්ක (67) තිස්ස විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර නිතිර තේනුර (49) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ කළුතර විද්‍යාලයේ ප්‍රබෝද් වනිගසිංහ ලකුණු 67 කට කඩුලු 3 ක් දවාගත් අතර අවිෂ්ක ලක්ෂාන්, දිලීෂ් අරුණෝද්‍ය සහ කවිඳු ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 58.2 කදී සියලු දෙනා දැවී 212
(යොහාන් රවිෂ්ක 67, නිතිර තේනුර 49, නිලුපුල් දර්ෂණ 23, රවිඳු ද සිල්වා 22, ප්‍රබෝධ් වනිගසිංහ 67/3, අවිෂ්ක ලක්ෂාන් 11/2, දිලීෂ් අරුණෝද්‍ය 22/2, කවිඳු ජයවික්‍රම 61/2)

කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 4.4 කදී කිසිවකු නොදැවී 20


අදහස් (0)

මැංගුස් සටනට අලෝකය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.