Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර තිස්ස විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 59 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (25 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි තිස්ස විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටි අතර එහිදී තිස්ස විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ලෂාන් හර්ෂණ (73) සහ කෝසල රවිඳු (නොදැවී 68) සමත් වූහ.
තිස්ස විදුහල් දෙවැනි ඉනිමේදී දැවීගිය කඩුලු 3 න් 2 කටම හිමිකම් කීමට ධනුක නිම්මාන සමත් වූ අතර ඒ අනුව පළමු ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමගින් ඔහු මෙවර මැංගුස් සටනේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 7 ක් දක්වා වැඩි විය.
පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටි කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 81 ක් එක් කරගත්හ. දක්ෂ පිතිහරඹයක නිතර වූ ඩෙහාන් දිනුක නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් කළුතර විද්‍යාලය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
තිස්ස විදුහල පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 121
(නිලුපුල් දර්ෂන 28, ධනුක නිම්මාන 30/5, චානුක ලක්ෂාන් 46/2, ඉම්ෂක සිරිවර්ධන 15/2)
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 212
(ඩෙහාන් දිනුක නොදැවී 52, කවිඳු ගයාෂාන් 50, දුමිත් නිම්හාන් 42, ලෂාන් හර්ෂන 47/3, කෝසල රවිඳු 12/2, දුලාන් අවිෂ්ක 44/2)
තිස්ස විදුහල දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 3 ක් දැවී 181
(ලෂාන් හර්ෂණ 73, කෝසල රවිඳු නොදැවී 68, ධනුක නිම්මාන 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.