Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් ලීනියා පිලට ලකුණු 175 ක දැවැන්ත ජයක්

මාස් ලීනියා පිලට ලකුණු 175 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙද සේවා කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ මාස් ලීනියා පිල සහ ජෝන් කීල්ස් ‘බී’ පිල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 175 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මාස් ලීනියා පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් ‘බී’ පිලට  ඕවර 33.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

එහිදී ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගත් තක්ෂිල ද සිල්වා, ජෝන් කීල්ස් පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් ලීනියා පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 303 ක් ලබාගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඉමාල් ලියනගේ නොදැවී ලකුණු 92 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛයාව ඉහළ දැමු අතර ඔහුට අගනා සහයක් ලබාදුන් පබසර වඩුගේ ලකුණු 50 ක් රැස්කළේය.


මාස් ලීනියා පිල -  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 303
(ඉමාල් ලියනගේ 92, පබසර වඩුගේ 50, දසුන් ආරිසිංහ 47, සසිඳු පෙරේරා 56/3)

ජෝන් කීල්ස් ‘බී’ පිල -  ඕවර 33.4 කදී සියලූ දෙනා දැවී 128
(චන්දන ජයසේකර නොදැවී 26, තක්ෂිල ද සිල්වා 28/4, ශාලක සංජීව 35/2)


- 036

 


අදහස් (0)

මාස් ලීනියා පිලට ලකුණු 175 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.