Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් යුනිචෙලා අවසන් පූර්ව වටයට

මාස් යුනිචෙලා අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (16 වැනිදා) සමත්විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය.

මාස් යුනිචෙලා කණ්ඩායමේ තිලකරත්න සම්පත් (81) සහ ෆර්විස් මහරූෆ් (නොදැවී 52) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

 

ජෝන් කීල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 149
(භානුක රාජපක්ෂ 69, මදුක ලියනපතිරණගේ 23, තිලකරත්න ඩිල්ෂාන් 34/4, ෆර්විස් මහරූෆ් 22/2)

මාස් යුනිචෙලා - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 150
(තිලකරත්න සම්පත් 81, ෆර්විස් මහරූෆ් නොදැවී 52)

 


අදහස් (0)

මාස් යුනිචෙලා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.