Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා දිනති

මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා දිනති

Nisanka Sandeepani - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති පිළිමළුන් පිටුදැකීමේ වෙළෙඳ සේවා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට මාස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

වෙළෙඳ සේවා මේසපන්දු සංගමයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් එම සංගම සංවිධානය කළ මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අනු ශූරතා දෙකම සෙලාන් බැංකුවට හිමිවිය. 

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා වෙළෙඳ සේවා සමාගම් සහ ආයතන 30 ක් නියොජනය කරමින් කණ්ඩායම් 68 ක් සහභාගි වූහ. එහිදී තරගකරුවන් සඳහා ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ සහ ‘එෆ්’ ලෙස කාණ්ඩ 6 ක් යටතේද, තරගකාරියන් සඳහා ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේද තරග පැවැත්විණ. 

පිරිමි තරග ප්‍රතිඵල 

‘ඒ’ කාණ්ඩය 
ශූරතාව - මාස් ‘ඒ’ කණ්ඩායම 
අනු ශූරතාව - සෙලාන් බැංකුව 

‘බී’ කාණ්ඩය 
ශූරතාව - හේලීස් කණ්ඩායම 
අනු ශූරතාව - මාස් ‘බී’ කණ්ඩායම

‘සී’ කාණ්ඩය 
ශූරතාව - කොමර්ෂල් බැංකුව 
අනු ශූරතාව - වර්තූසා කණ්ඩායම 

‘ඩී’ කාණ්ඩය 
ශූරතාව - සී.ඩී.බී. කණ්ඩායම  
අනු ශූරතාව - එච්.එස්.බී.සී කණ්ඩායම 

‘ඊ’ කාණ්ඩය 
ශූරතාව - සිස්කොලැබ්ස් ‘ඒ’ කණ්ඩායම  
අනු ශූරතාව - යුනිලීවර් ‘බී’ කණ්ඩායම 

‘එෆ්’ කාණ්ඩය 
ශූරතාව - ඇස්ට්‍රන් ‘සී’ කණ්ඩායම  
අනු ශූරතාව - සිස්කොලැබ්ස් ‘බී’ කණ්ඩායම
 

කාන්තා තරග ප්‍රතිඵල 

‘ඒ’ කාණ්ඩය 
ශූරතාව - මාස් ‘ඒ’ කණ්ඩායම 
අනු ශූරතාව - සෙලාන් බැංකුව 

‘බී’ කාණ්ඩය 
ශූරතාව - එම්ජේ කණ්ඩායම 
අනු ශූරතාව - කොඞ්ජෙන් කණ්ඩායම

‘සී’ කාණ්ඩය 
ශූරතාව - අයි.එස්.ටී. කණ්ඩාය 
අනු ශූරතාව - 99ඞ කණ්ඩායම 

 

 


අදහස් (0)

මාස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.