Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලිංගගේ දස්කම් අපතේ යයි

මාලිංගගේ දස්කම් අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

අයි. පී. එල්. විස්සයි20 තරග මාලාවේ සමාරම්භක තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද (16 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් ලකුණු 41 ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කණ්ඩායම සමත්විය.

ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122 ක පමණි.

කොල්කටා කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා වූ සුනිල් නරේන් ලකුණු 20 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුල්ලූ 5 දැවී ලකුණු 163 ලබාගත්තේය.

ජැක් කාලිස් (72) සහ මනීෂ් පාන්ඬේ (64) එක්ව දෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 92 කදී ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 46 කින් වාර්තා වූ ජැක් කාලිස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්වූ අතර පන්දු 53 කින් වාර්තා වූ මනීෂ් පාන්ඬේගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.

කොල්කටා කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර් ලකුණු ලබාගැනීමට පෙර පළමු කඩුල්ල ලෙස ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූ ලසිත් මාලිංග, සිය  ඕවර 4 නිමා කළේ ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගනිමිනි.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 163

(ජැක් කාලිස් 72, මනීෂ් පාන්ඬේ 64, සූර්යකුමාර් යාදව් නොදැවී 13, ලසිත් මාලිංග 23/4)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 122

(ආදිත්‍ය ටාරේ 24, අම්බටි රයිඩු 48, රෝහිත් ශර්මා 27, සුනිල් නරේන් 20/4)
 

-036


අදහස් (3)

මාලිංගගේ දස්කම් අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.