Last Update  :  2025-09-03 21:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාදෙල්ගමුව පාපැදි ශූරයා සරිඳු

මාදෙල්ගමුව පාපැදි ශූරයා සරිඳු

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගම්පහ, මාකේවිට, මාදෙල්ගමුව කේ.බී.එස්. ක්‍රීඩා සමාජය ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ අධීක්ෂණයෙන් සංවිධානය කළ කේ.බී.එස්. පාපැදි සවාරියේ ජය සරිඳු ලක්ෂිතට හිමිවිය. කිලෝමීටර 144ක දුරකින් සමන්විත වූ මෙම පාපැදි තරගය සඳහා තරගකරුවෝ 161 දෙනෙක් සහභාගි වූහ.

ජයග්‍රාහී සරිඳු ලක්ෂිත එහිදී දිනාගත් මුදල රුපියල් 80000කි. දෙවැනි ස්ථානයට පත් සුරංග රණවීර හා තෙවැනි ස්ථානයට පත් අෂේන් ඩිල්ෂාන් පිළිවෙලින් රුපියල් 50000ක් හා 30000ක් හිමිකර ගත්හ.

තරගයේ විසිපස් වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවන්ට මුදල් ත්‍යාග ලබාදීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ.

මෙහිදී වට තරගයක් ලෙස ධාවනය කිරීමේදී පැවැති වට තුනේ ජයග්‍රාහකයන් ලෙස තෝරා ගත්  සිනෙත් විහඟ, දහම් ආදිත්‍ය හා සුරංග රණවීර සඳහා අමතර මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණි.

තරග ප්‍රතිඵල:- 1 සරිඳු ලක්ෂිත, 2. සුරංග රණවිර, 3. අෂේන් ඩිල්ෂාන්, 4. එස්. පද්මකුමාර, 5. ලක්ෂ්මන් විජේරත්න, 6. ඉරෝෂන් ප්‍රදීප්, 7. තරිඳු මධුෂාන් , 8. රෙසඳු චමුදිත, 9. සුරේෂ් තරංග, 10. නිපුන් විමුක්ති.


අදහස් (0)

මාදෙල්ගමුව පාපැදි ශූරයා සරිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.