‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 23 න් පහළ ‘මුරලි කුසලාන’ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී සීනීගම කාන්තා පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට මාතලේ කාන්තා පිල අද (21 වැනිදා) සමත්විය.
ලකුණූ 134 ක ඉලක්කයක් හඹාගිය මාතලේ ක්‍රීඩිකාවෝ තරගයේ අවසන් පන්දුවේදී නොතිබූ ලකුණක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තමන්වෙත නතුකරගත්හ.
ජයග්‍රාහී ලකුණ පන්දුයැවූ ක්‍රීඩිකාවගේ සුරතේ රැදී තිබියදී ලබාගැනීමට නිලූකා අමරසේන සහ දිල්රුක්ෂි අරඹේගොඩ සමත්වූහ.
පන්දු 11 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් මාතලේ කාන්තා පිල ජයග්‍රහණය කරා රැගෙනගිය දීපිකා රත්නායක තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූවාය.
අද පැවැති තවත් තරග දෙකකදී අනුරාධපුර ශක්ති කාන්තා පිලට එරෙහිව ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට නිට්ටඹුව කාන්තා පිලත්, උතුරු - නැගෙනහිර කාන්තා පිලට එරෙහිව ලකුණු 28 ක ජයක් හිමිකර ගැනීමට බදුල්ල කාන්තා පිලත් සමත්වූහ.
එම තරග දෙකෙහිදී නිට්ටඹුව කාන්තා පිලෙහි පබසරා රණභාහු සහ බදුල්ල කාන්තා පිලේ ලක්ෂිකා රත්නායක තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූහ.
නිට්ටඹුව කාන්තා පිලට ලකුණු 45 ක ජයක්
නිට්ටඹුව කාන්තා කණ්ඩායම - ඕවර 14.3 කදී සියලු දෙනා දැවී ලකුණු 120
(සදනි දිල්ශානී 23, පබසරා රණභාහු 18, ඈන් මලීෂා 24, සචිනි සෙව්වන්දි 23/3, උදාරී බංඩාර 19/2, තිළිණි ලක්ෂිකා 22/2)
ශක්ති කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 75
(දිලිනි යසාරා 18, සචිනි සෙව්වන්දි නොදැවී 15, ශානිකා තරූෂී 11/2, රුවනි මදුෂිකා 14/2)
බදුල්ල කාන්තා පිලට ලකුණු 28 ක ජයක්
බදුල්ල කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 122
(දිනූ ගයනි නොදැවී 44, ලක්ෂිකා රත්නායක 51, ඕෂානී ග්‍රේස් 24/3)
උතුරු - නැගෙනහිර කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 94
(පද්මනාදන් යතූශානී 41, සචිනි උත්තරා 10/4)
මාතලේ කාන්තා පිලට කඩුලු 2 ක ජයක්
සීනීගම කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 133
(පාරමී මහිංසා 24, ඉරේෂා චතුරානී 32, කවීෂා දිල්හාරී නොදැවී 51)
මාතලේ කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 134
(රූබී රජින්තා 22, දිපීකා රත්නායක 27, සත්‍යා සංදීපනී 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.