කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇගයීමේ උත්සවය අද (13) පස්වරු 7.00 ට කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වේ. මෙම උත්සයේදී මහේල ජයවර්ධන වෙනුවෙන් විශේෂ මුද්දරයක් නිකුත් කිරීමටද නියමිතය.
මෙම උත්සවයේදී ‘මහේල ජයවර්ධන ක්‍රිකට් ශිෂ්‍යත්වය’ නමින් විශේෂ ශිෂ්‍යත්වයක් හදුන්වා දෙන අතර එහිදී පිට පළාත් ආර්ථික දුෂ්කරතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයකු තෝරාගෙන නාලන්දා විදුහලේ සියලූම පහසුකම් සමග අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඔහුට පිරිනැමෙනු ඇත.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සඳහා ආරාධනා ලැබ ඇත්තේ මහේලගේ සමීපතම ක්‍රිකට් සගයා ලෙස සැළකෙන ටෙස්ට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරය.
කොළඹ නාලන්දා විදුහලේ කීර්තිමක් ආදි ශිෂ්‍යයකු මෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන, පසුගියදා පැවැති පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.