Last Update  :  2025-05-27 20:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බර්ග් පිලට

මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බර්ග් පිලට

editorial - 2022 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු විස්සයි-20 ක්‍රිකට් ලීගයට ක්‍රීඩා කරන ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සේවය සිය කණ්ඩායම වෙනුවෙන් මිලදීගනු ලැබ තිබේ. 

එහිදී ජොහැන්නස්බර්ග් කණ්ඩායමේ හිමිකරුවන් තීක්ෂණ වෙනුවෙන් ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් 200,000 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් කෝටි තිස් ලක්ෂය ඉක්මවනු ඇත. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ තීක්ෂණ, ඉන් පෙර අබුඩාබි දහයයි-10 තරගාවලියටද ක්‍රීඩා කර ඇත. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩුප්ලෙසි ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන අතර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලීද එම කණ්ඩායමට ක්‍රීඩා කරයි. 

-036


අදහස් (0)

මහීෂ් තීක්ෂණ ජොහැන්නස්බර්ග් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.