Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල වැඩි ගෞරව දිනයි

මහානාම විදුහල වැඩි ගෞරව දිනයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 11 වැනි ’රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරග අද (25 වැනිදා) ජය පරාජයකින් තොරව අවසන් විය.

තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මහානාම විදුහල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 151 ක් ලබා සිටි අතර එහිදී මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට පැතුම් බොතේජු (නොදැවී 55) සහ කවිඳු මුණසිංහ (52) සමත් වූහ.

පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටි ඩී. එස්. සේනානායක විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 206 ක් එක්කරගත්හ.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩී. එස්. සේනානායක විදුහලේ මුදිත ලක්ෂාන් ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ශේසාඞ් අමීන් (55) අර්ධ ශතකයක් ලබාගනිමින් ඩී. එස්. ඉනිම ගොඩනැගීම සඳහා මුදිතට අනගි සහායක් දුන්නේය.

 

මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 271
(බිෂාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදුක වැලිකල 41, විහන් මුදලිගේ නොදැවී 37, කවිඳු මුණසිංහ 22, විහන් ගුණසේකර 100/6, මුදිත ලක්ෂාන් 83/2)

ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 97 කදී සියලු දෙනා දැවී 268
(ශේසාඞ් අමීන් 55, මුදිත ලක්ෂාන් 98, නිදුක වැලිකල 81/3)

මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 24.3 කදී කඩුල්ලක් දැවී 151
(පැතුම් බොතේජු නොදැවී 55, කවිඳු මුණසිංහ 52)

 


අදහස් (0)

මහානාම විදුහල වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.