Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහලට ලකුණු 80 ක ජයක්

මහානාම විදුහලට ලකුණු 80 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර පැවැත්වීමට නියමිත 50 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 80 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

 ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය ඩී. එස්. සේනානායක විදුහලට ඕවර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ චමල් පොල්ගම්පල ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් ඩී. එස්. සේනානායක විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ පවන් රත්නායක (76) සහ චලිත සුබසිංහ (55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 223
(පවන් රත්නායක 76, චලිත සුබසිංහ 55, පවන්ත වීරසිංහ 46, යසිත් සමරදිවාකර 29/2)

ඩී. එස්. සේනානායක විදුහල - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 143
(දීමන්ත කෞෂල්‍ය 31, යසිත් සමරදිවාකර 30, චමල් පොල්ගම්පල 21/4, පැතුම් බොතේජු 32/2)

 


අදහස් (0)

මහානාම විදුහලට ලකුණු 80 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.