Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහල වෙනුවෙන් කවිඳු මුණසිංහ (91), සහන් පීරිස් (61) සහ සුබුද්ධි කෞෂල්‍ය (56) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

ශා. සර්වේශස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශේන් දීමන්ත, ලකුණු 65 කට මහානාම ඉනිමේ කඩුලූ 5 ක් දවාගත්තේය.

 

ශා. සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 153
(රමේෂ් නිමන්ත 40, අශේන් දීමන්ත 37, කලිඳු ලක්ෂාන් 28/4, සුලංජන සෙනෙවිරත්න 33/3)

මහානාම විදුහල පළමු ඉනිම -  ඕවර 79.2 කදී සියලූ දෙනා දැවී 251
(කවිඳු මුණසිංහ 91, සහන් පීරිස් 61, සුබුද්ධි කෞෂල්‍ය 56, අශේන් දීමන්ත 65/5, ලෝචන රුවින් 25/3, දමිල් ධනංජය 40/2)

ශා. සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 22 කදී කඩුලූ 4 ක් දැවී 62
(අශේන් දීමන්ත 31, දුලාංජන සෙනෙවිරත්න 6/2)


- 036


අදහස් (0)

මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.