Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල අවසන් පූර්ව වටයට

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ මහානාම විදුහල සමත් විය.

දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් මහානාම විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී මහානාම විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉනුක කරන්නාගොඩ ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.


මහානාම විදුහල - ඕවර 71.5 කදී කඩුලු 6 ක් දැවී 120
(බනුල අල්ගවත්ත 33, දෙවිඳු කැකිරිදෙණිය නොදැවී 28, කලිඳු විජේසිංහ 18/2, පසිඳු තෙන්කෝන් 27/2)
 
ශාන්ත ආනා විදුහල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 105
(මුයිස් රෆීල් 29, රිෂිත පෙරේරා 26, ඉනුක කරන්නාගොඩ 18/4, මහේන් කුලතිලක 33/4)

 


අදහස් (0)

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.