Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර මහානාම විදුහල සහ පාදුක්ක සිරි පියරත්න විදුහල අතර පළමු ‘ස්වර්ණ වර්ණ සටන’ මහ ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ මස 4 සහ 5 දෙදින පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ විස්සයි20 ක්‍රීඩක අකිල ධනංජය පානදුර මහනාම විදුහලේ ආදි ශිෂ්‍යයෝ වෙති. එම විදුහලේ කමිල් මිෂාර ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
මෙම තරගයේදී මහානාම විදුහල් පිලේ නායකයා ලෙස අසංක මධූෂ ද, සිරි පියරත්න විදුහල් පිලේ නායකයා ලෙස දිමිත්‍රි සම්පත් ද, කටයුතු කරති.
මෙම පාසල් දෙකම ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරයි.
මහනාම විදුහල මෙම තරග 7 කට සහභාගි වී හොරණ රාජකීය, කළුතර ඥාානෝදය සහ පුත්තලම ආනන්ද යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය.
ශ්‍රී ලංකා කනිෂ්ඨ නායකයකු වන කමිල් මිෂාර මෙම තරග වාරයේ තරග 7 කදී ලකුණු 502 ක් කරමින් මහානාම විදුහලේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. රවිඳු ශාන් (498), විශ්ව බණ්ඩාර (268) සහ නායක අසංක මධූෂ (253) මහානාම පිතිකරු ලපැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.
වමතින් දඟ පන්දු යවන රවිඳු නෙත්පහන් මෙම තරග වාරයේ කඩුලු 31 ක් දවා ගනිමින් මහානාම විදුහලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. මධුෂාන් ගුණරත්න කඩුලු 19 ක් දවා ගෙන තිබේ.
සිරි පියරතන විදුහල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 7 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. එම විදුහල තරග දෙකකදී පූර්ණ පරාජ ලබා තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක දිමුත් සම්පත් මෙම තරග වාරයේ ලකුණු 646 ක් රැස් කරමින් කඩුලු 95 ක් ද දවා ගනිමින් සිරි පියරත්න විදුහල් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයා බවට පත්ව සිටියි.
ප්‍රභාෂ් මධුරංග මෙම තරග වාරයේ තරග 13 ක ලකුණු 755 ක් රැස්කරමින් සිරි පියරත්න විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. සඳරු ශනිල්ක කඩුලු 53 ක් දවා ගනිමින් සෙසු දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්විය.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.