Last Update  :  2025-05-07 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිල 63-12 දෙවැනි ජය ලබයි

මහනුවර පිල 63-12 දෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ අවසන් තරගය ලෙස මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයේදී මහනුවර පිල ලකුණු 63-12 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

මහනුවර පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග දෙකම පහසුවෙන් ජය ලැබීමට සමත් විය. ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 6 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහර 2 කින් කින් ලකුණු රැස්කළ අතර ගුවන් හමුදා පිලට දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.  

නායක ෆාෂීල් මරීජා ඇතුළු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් රැුසකින් සමන්විත මහනුවර පිල තරගය ආරම්භයේ සිටම ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාශයක් අනුගමනය කළ ආකාරයක් දකගත හැකි විය. මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-6 ක් ලෙස පෙරමුණේ පසු විය.

සයුරු ඇන්තනී පළමු අර්ධයේ 5 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ මහනුවර පිලට උත්සාහක දිනුම් ගංඟාව ගලා ඒම ආරම්භ විය.

මහනුවර ක‍්‍රීඩා සමාජයට දේශාන් සිල්වා සහ ගයාන් රත්නායක උත්සාහක දිනුම් දෙක බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. පියුමාල් මංචනායක, සයුරු ඇන්තනී, රිචඞ් ධර්මපාල, හසිත රත්නායක සහ රොෂාන් විරරත්න, මහනුවරට උත්සාහක දිනුම බැගින් එකතු කළහ.

අර්ෂාඞ් ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහර දෙක සාර්ථක කරමින් ලකුණු 10 ක් ලබාදීමට සමත් විය.  තිළිණ විජේසිංහ ගෝල ප‍්‍රර්ථන දෙකක් සාර්ථක කරමින් මහනුවර පිලට තවත් අතිරේක ලකුණු 4 ක් එකතු කළේය.

 


අදහස් (0)

මහනුවර පිල 63-12 දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.