Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිල නාවික හමුදාව පරදවයි

මහනුවර පිල නාවික හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 16-6 කින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් විය.

මහනුවර ක‍්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස් කළහ. නාවික හමුදා පිලට දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 8-3 කින් පෙරමුණේ පසුවිය.  

 


අදහස් (1)

මහනුවර පිල නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.