Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට
19න් පහළ ක්‍රිකට්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට

editorial - 2026 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ I කොටසේ ‘ඒ’ තලයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.  කටුනායක අයෝජන කලාප ක්‍රීඩාංගණයේදී නිමාවූ අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ නාලන්දා විද්‍යාලය ලකුණු 69 කින් පරදවමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

පළමු ඉනිමේ යම් පසුබෑමක් ඇති වුවද සමස්ත තරගයේදී ජය අත්කර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ත්‍රිත්ව විදුහල වෙනුවෙන් චනිරු සේනාරත්න දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 73 කට කඩුලු 7ක් දවාලීය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ නාලන්දා විද්‍යාලය පළමුව පන්දු යවමින් ප්‍රබල මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල ලකුණු 173කට සීමා කළේය.

ත්‍රිත්ව පිල වෙනුවෙන් ප්‍රවීන් රුකුනායක ලකුණු  59ක් රැස් කළ අතර,  විදුනෙත් ​​දම්මගේ (27) සහ දිමන්ත මහවිතාන (21)  පමණක් තම ඉනිම ගොඩනැගීමට දායක වූහ. මල්ෂ ප්‍රනාන්දු කඩුලු 4ක් සහ හසිත් රත්නායක කඩුලු 3ක් බිඳ දැමූහ.

කොළඹ නාලන්දා විද්‍යාලය ඊට පිළිතුරු ලෙසින්  ලකුණු 184ක් රැස් කළේය.

ගෙවිඳු මනම්පේරි (39), හසිත් රත්නායක (නොදැවී 32), සන්තුල් විජේරත්න (28) සහ රන්මිත් දිනුවර (22) නාලන්දා ඉනිම ගොඩනැගීමට දායක වූ අතර කනිල්ක ඇන්තනි ලකුණු 52කට කඩුලු 5ක් බිඳ හෙළීය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9කට ලකුණු 274 ක් රැස් කර ඉනිම අත්හිටුවීය. නායක දිමන්ත මහවිතාන (59), ආදම් හිල්මි (57), සහ විදුනෙත් ​​දම්මගේ (නොදැවී 38), ඉනිම ගොඩනැගීමට දායකවූහ.

කොළඹ නාලන්දා විද්‍යාලයට ලකුණු 264 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

චනිරු සේනාරත්න සහ කනිල්ක ඇන්තනීගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කොළඹ නාලන්දා විද්‍යාල පිල ලකුණු 194කට සීමා විය. චනිරු සේනාරත්න ලකුණු 73 කට කඩුලු 7ක් දවාලූ අතර කනිල්ක ඇන්තනි කඩුලු 3ක් ද බිඳ හෙලීය.

 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම 173 යි
(ප්‍රවීන් රුකුනායක 59, විදුනෙත් ​​දම්මගේ 27, දීමන්ත මහවිතාන 21, මල්ෂ ප්‍රනාන්දු 49/4, හසිත් රත්නායක 38/3

කොළඹ නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම  184 යි
(ගෙවිඳු මනම්පේරි 39, හසිත් රත්නායක නොදැවී 32, සන්තුල් විජේරත්න 28, රන්මිත් දිනුවර 22, කනිල්ක ඇන්තනි 52/5, ඩිනාල් ප්‍රනාන්දු 37/2)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩුලු 9 ට 274 යි
(දිමන්ත මහවිතාන 59, ආදම් හිල්මි 57, විදුනෙත් දම්මගේ නොදැවී 38,  මහේන්ද්‍ර අබේසිංහ 31, සෙත්මික සෙනෙවිරත්න 28, මල්ෂ ප්‍රනාන්දු 68/3, හසිත් රත්නායක 70/3, දුනීත අනුසර 23/2)

කොළඹ නාලන්දා විද්‍යාලය - දෙවැනි ඉනිම 194 යි
(හසිත් රත්නායක 46, නදුල් ජයලත් 40, සන්තුල් විජේරත්න 37, චනිරු සේනාරත්න 73/7, කනිල්ක ඇන්තනි 48/3)

 


අදහස් (0)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.