Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ මහනාම විද්‍යාලය වෙනුවෙන් හෂාන් සංදීප ලකුණු 47 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයේ රවිඳු සංජන (92) අර්ධ ශතකයක් සහ ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑමට සමත්විය.
ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(රවිඳු සංජන 92, නිලුක්ෂ දුල්මිණ 24, ළහිරු කාවින්ද 33/3, හෂාන් සංදීප 38/3)
මහනාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(පැතුම් බොතේජූ 31, විනුක රූබසිංහ 25, රවිඳු සංජන 27/6, දිනුක ලක්මාල් 2143)
ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(හෂාන් සංදීප 09/4, වත්සර පෙරේරා 09/3)
මහනාම විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 88
(පැතුම් බොතේජූ නොදැවී 30, බිශාන් මෙන්ඩිස් 26, දිනුක ලක්මාල් 19/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.