
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ යුගයක් බැබළවූ මලල ක්‍රීඩකයකු මෙන්ම කීර්තිමත් පුහුණුකරුවකු ද වූ කේ.එල්.එෆ්. විජේදාස මහතා අඟහරුවාදා සිය දිවිසැරිය නිම කළේය. අවසන් හුස්ම හෙළන විට විජේදාස මහතා 92 වැනි වියේ පසුවිය.
මලල ක්‍රීඩාව කෙරේ දැඩි කැපවීමෙන් කටයුතු කළ විජේදාස මහතා දිගු කලක් ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළේය. විජේදාස මහතා වඩාත් කීර්තියට පත්ව සිටියේ උසස් පෙළේ මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙසිනි.
ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසින් වසර ගණනාවක්ම කටයුතු කළ විජේදාස මහතා මලල ක්‍රීඩා ජාතික තේරීම් කමිටුවේ සභාපතිධූරයත් හෙබවීය. ආසියානු කලාපය සඳහාම මලල ක්‍රීඩාවේ තාක්‍ෂණික නිලධාරියකු ලෙසින් ද කටයුතු කළ ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධක්‍ෂක ධූරයද හෙබවීය.
1950 දශකයේදී මීටර 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී කේ.එල්.එෆ්. විජේදාස මහතා තරග ආරම්භක නිලධාරියකු, කාල සටහන්කරුවකු මෙන්ම ශාරීරික අධ්‍යපන උපදේශකවරයකු ලෙසින්ද කටයුතු කර තිබේ.
විජේදාස මහතාගේ දේහය, කෙළඹ 5, එළිබෑන්ක් පෙදෙසේ අංක 3 ස්ථානයේ පිහිටි ඒ මහතාගේ දියණියගේ නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද (6 වැනිදා) පස්වරු 2.30 ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.