Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා පුහුණුවීම් නතර කරයි

මලල ක්‍රීඩා පුහුණුවීම් නතර කරයි

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කර ගැනීමෙන් පසුව ජාතික මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

ජාතික මලල ක්‍රීඩා සංචිතයේ පුහුණුවීම් කරමින්, කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ නතරවී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන්ට අනුව ඔවුන් තිදෙනා කොවිඩ් ආසාදිතයන් බවට හෙළිකර ගෙන තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන මෙම 20 වැනිදා සිට ජාතිකමලල ක්‍රීඩා සංචිතය අළුතින් ආරම්භකිරීමට  තීරණයකර ඇතැයිද වාර්තා වේ.

මේ වනවිට ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනෙකු හා සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුද පුහුණුවීම් කරමින් සිටිති.  මෙම 20 වැනිදා සිට එම සංචිතය අළුතින් ස්ථාපිත කිරීමේදී තවත්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකුද ඊට ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පැවැත්වීමට සූදානම් කර තිබූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් අදියර ලබන ඔක්තෝබර් මාසයට කල් දැමීමට තීරණය කළේද පවතින කොවිඩ් උවදුර පිළිබඳව සැළකිලිමත් වෙමිනි. මලල ක්‍රීඩා පුහුණුකරුවෙකුද කොවිඩ් ආසාදිතයකු ලෙස මේ වනවිට හඳුනා ගෙන තිබේ.

 


අදහස් (0)

මලල ක්‍රීඩා පුහුණුවීම් නතර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.