Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා පාඨමාලාවෙන් 16 දෙනාම සමත්

මලල ක්‍රීඩා පාඨමාලාවෙන් 16 දෙනාම සමත්

editorial - 2023 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක මලල ක්‍රීඩා ආයතනයේ මගපෙන්වීම යටතේ ‘මලල ක්‍රීඩා - පියවර 2‘ පුහුණුකරුවන් සඳහා වූ පාඨමාලාව පසුගිය ජූනි 17 සිට  22 දින දක්වා දියගම ක්‍රීඩාංගණයේදී  සාර්ථකව පැවැත්විණ. එයට සහභාගි වූ පුහුණුකරුවෝ 13 දෙනාත් පුහුණුකාරිණියෝ තිදෙනාත් සාර්ථකව පාඨමාලාවෙන් සමත් වූහ.

මෙවන්  මලල ක්‍රීඩා - පියවර 2‘  පුහුණුකරුවන්ගේ පාඨමාලාවක් ශ්‍රී ලංකාවේදී පවත්වන ලද්දේ පළමු වතාවටය.  ජකර්තා හි පිහිටුවා ඇති ප්‍රාදේශීය මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය රියා ලුමින්තුඅර්සෝ විසින් පාඨමාලාව මෙහෙයවන ලදී.  

ලෝක මලල ක්‍රීඩා ආයතනයේ අධීක්ෂණය යටතේ නිරන්තරයෙන් යාවත්කාලීන වන මෙම පුහුණුකරු පාඨමාලා දාමය පියවර 2  පාඨමාලාවේ සිට ඉසව් අනුව කාණ්ඩ 5 කට වෙන්කර පවත්වනු ලබයි. මෙවර පැවැති පාඨමාලාව පැනීමේ ඉසව් කාණ්ඩය වෙනුවෙන් පවත්වන ලදි.  

ජකර්තා මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානයෙන්  පිටත, පියවර 2 පාඨමාලාවක් මෙයට පෙර  පවත්වා ඇත්තේ රටවල් 2 කදී පමණි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්  කමිටුව විසින් පාඨමාලාව සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දී තිබිණ.

 

- 213


අදහස් (0)

මලල ක්‍රීඩා පාඨමාලාවෙන් 16 දෙනාම සමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.