Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා - එල්ලේ - ජිම්නාස්ටික් - සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

මලල ක්‍රීඩා - එල්ලේ - ජිම්නාස්ටික් - සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

editorial - 2025 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගෝස්තු 18 වැනිදා (2025) නිල කාලය අවසන් වීමෙන් පසුව මෙතෙක් නිලවරණ (2025 - 27) කැඳවීමට අපොහො‌සත්ව සිටින හා ක්‍රීඩා පනතට පටහැනිව යමින් නිලවරණය කැඳවූ බව කියන ජාතික ක්‍රීඩා සංගම් හතරක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට ගැනීම සදහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්  කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තාවේ.

එම ගැසට් නිවේදනයට අනුව එසේ 2025 - 27 නිලවරණය කැඳවීමට මෙතෙක් අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය,ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය,ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය හැරන්නට ක්‍රීඩා පනතට පටහැනිව යමින් නිලවරණය පවත්වා විධායක සභාව පත් කර ගත් බව කියන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් හතරක ක්‍රියාකාරීත්වය එසේ තාවකාලිකව අත්හිටුවමින් එහි කටයුතු පවත්වා ගෙන යාම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට (රාජකාරී පැවැරුම්) පැවරේ.

එහි මූලිකම අරමුණ වන්නේ එකී ජාතික ක්‍රීඩා සංගම් සදහා නව විධායක සභාවන් පත් කෙරෙන නිලවරණ කැඳවීමේ අවශ්‍ය පසුබිම සකස් කිරීමට  නිලවරණ මෙහෙයුම් කමිටු පත් කර ගැනීමය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය යොදා ගත් පරිදි පසු ගිය අගෝස්තු18 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබියදී  අභියාචනා (විරෝධතා) තුනක තීරණ ප්‍රකාශ නොවීමෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී පැවරුම්) විසින් අවසන් මොහොතේ එය කල් දමනු ලැබීය.

එල්ලේ සම්මේලනයේ නිලවරණය ඒ සදහා සූදානම් නොවීම නිසා එදිනට නොපැවැත්විණි.ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය නඩු කටයුත්තක් හේතුවෙන් නියමිත දිනට කැඳවිය නොහැකි විය.ඒ අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය පවත්වා අවසන් කළත් නීතිමය තත්වයන් මැද එය අහෝසි කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා කටයුතු කළේය.

එකී ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ (2025 -27) පසුගිය මැයි 31වැනිදා පවත්වා අවසන් කළ යුතුව තිබියදී අගෝස්තු 18 වැනිදා දක්වා තවත් සහන කාලයක් ලබාදී තිබියදී එකී ජාතික ක්‍රීඩා සංගම් මෙලෙස නිලවරණ පැවැත්වීමට අපොහොසත්වී සිටියි.


අදහස් (0)

මලල ක්‍රීඩා - එල්ලේ - ජිම්නාස්ටික් - සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.