Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර ශ්‍රී රාහුල විදුහල අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 17 වැනි ‘කන්ද උඩරට රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (25 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රාහුල විදුහල් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියහ.
රාහුල විදුහලට වඩා ලකුණු 14 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සුමංගල විදුහල කඩුලු 6 ක් දැවී ලකුණු 118 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා රාහුල විදුහලට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රාහුල විදුහලේ මදුෂාන් පරණවිතාන ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් විය. ඒ අනුව පළමු ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමගින් මදුෂාන් මෙවර කන්ද උඩරට රන් සටනේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ ගියේය.
පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි රාහුල විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 67 ක් එක් කරගත්හ.
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 140
(චමෝද් ප්‍රේමරත්න 57, විහඟ වීරතුංග 23, මදුෂාන් පරණවිතාන 37/5, දිලීෂ මධුෂංක 34/3)
ශ්‍රී රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලු දෙනා දැවී 154
(ක්‍රිෂාන්ත දිල්ෂාන් 43, දිලීෂ මධුෂංක 29, ඉසුරු කුලතුංග 10/3, එරංග විජේසිරි 20/2, ළහිරු බණ්ඩාර 40/2)
ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 6 ක් දැවී 118
(මිතුන් කරුණාරත්න 29, මදුෂාන් පරණවිතාන 30/4)
ශ්‍රී රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 4 කදී කිසිවකු නොදැවී 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.