Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට මතීෂ පෙරේරාද, විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ලීඩියා ෆොන්සේකාද සමත් වූහ.
කුරුවිට, දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් මහා තරගයේදී මතීෂ විසින් ලකුණු 21-14 ක් සහ 21-7 ක් ලෙස සුරේෂ් ජයසූරිය පරාජය කළේය.
විවෘත කාන්තා කේවල අවසන් මහා තරගයේදී ලීඩියා ෆොන්සේකා හමුවේ ශෙහානි විජේනායක ලකුණු 21-8 ක් සහ 21-10 ක් ලෙස පරාජයට පත් වූවාය. ඉන් පෙර අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා කේවල අවසන් මහ තරගයේදී ලකුණු 21-16 ක් සහ 21-9 ක් ලෙස තෙසඳි දිනුවරි පරාජය කිරීමටද ලීඩියා සමත් වූවාය.
විවෘත පිරිමි යුගල අවසන් මහා තරගයේදී සුබේර් ආදිල් සහ එස්.එම්. ඉම්සාන් එක්ව ලකුණු 21-14 ක් සහ 21-15 ක් ලෙස අෂේන් ඉමල්ක සහ ආදිත්‍ය කල්හාර පරාජයට පත් කළහ. දේවින්ද්‍ර ප්‍රනාන්දු සහ සඳලි ගීකියනගේ හමුවේ ඔමිඳු බිම්සර සහ සඳුමි අමායා ලකුණු 21-18 ක් සහ 21-18 ක් ලෙස විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී පරාජයට පත් වූහ.
තරගාවලියේ මූලික වටයේ තරග සබරගමුව කලාපයේ ගෘහස්ත ක්‍රීඩාංගණ ත්‍රිත්වයක පැවැති අතර කුරුවිට නගරයේ පිහිටි දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණය, රත්නපුර නගරයේ පිහිටි සබරගමුව පළාත් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය සහ සීවලී විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණය ඊට ඇතුළත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.