Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිහිලියා 18 වැනි ස්ථානයට

මිහිලියා 18 වැනි ස්ථානයට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ස්කොෂ් ඉසව්වට සහාභාගි වූ ශ්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරණි එහි 18 වැනි ස්ථානයට පත්වූවාය. 

තරගාවලියේ 17 වැනි ස්ථානය තේරීම සඳහා අද (8 වැනිදා) පැවැති පළඟ අවසන් මහ තරගයේදී බාර්බඩෝස්හි මීගන් බෙස්ට් හමුවේ වට 3-1 ක් ලෙස පරාජයට පත්වීම නිසා මිහිලියාට 18 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. 

පළඟ තරගාවලියේ අවසන් පූර්ව තරගයකදී කෙන්යාවේ වට 3-0 ක් ලෙස ඛාල්ක් නිම්ජි පරාජය කරමින් මිහිලියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ ඇමැන්ඩා ලැන්ඩර්ස් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම නිසා මිහිලියාට ප්‍රධාන තරගාවලියෙන් ඉවත් වී පළඟ තරගාවලිය යටතේ තරග වැදීමට සිදුවූවාය.

පළඟ අවසන් පූර්ව වටය
මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස ඛාල්ක් නිම්ජි (කෙන්යාව) පරාජය කරන ලදි. (11/6, 12/10, 13/11)

පළඟ අවසන් මහ තරගය 
මීගන් බෙස්ට් (බාර්බඩෝස්) විසින් තරග වට 3-1 ක් ලෙස මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 11/13, 11/8, 11/7) 

-036


අදහස් (0)

මිහිලියා 18 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.