Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිහිලියා පළඟ අවසන් මහ තරගයට

මිහිලියා පළඟ අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ස්කොෂ් ඉසව්වේ පළඟ අවසන් මහ තරගයට (තරගාවලියේ 17 වැනි ස්ථානය තේරීමේ තරගයට) සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරණි අද (7 වැනිදා) සමත් වූවාය. ඒ අනුව හෙට (8 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී බාර්බඩෝස්හි මීගන් බෙස්ට්ට එරෙහිව ඇය තරග බිමට පිවිසීමට නියමිතය.

අද පැවැති පළඟ අවසන් පූර්ව තරගයකදී කෙන්යාවේ ඛාල්ක් නිම්ජි පරාජය කරමින් මිහිලියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහි පළමු වටයේදී ලකුණු 11/6 ක් ලෙස පහසු ජයක් ලැබීමට මිහිලියා සමත් වූවද, දෙවැනි සහ තෙවැනි වටවලදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවගෙන් මිහිලියාට ප්‍රභල තර්ජනයක් එල්ල විය. කෙසේ වුවත් අවසානයේදී ලකුණු 12/10 ක් සහ 13/11 ක් ලෙස එම වට දෙකේ ජයද තමන් සතු කරගැනීමට මිහිලියා සමත් වූවාය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 3-1 ක් ලෙස බාර්බඩෝස්හි ඇමැන්ඩා හයිවුඞ් පරාජය කළ මිහිලියා, අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 3-0 ක් ලෙස ගයානාවේ ටේලර් ෆර්නෑන්ඩස් පරාජය කළාය.

මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ ඇමැන්ඩා ලැන්ඩර්ස් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම නිසා මිහිලියාට ප්‍රධාන තරගාවලියෙන් ඉවත් වී පළඟ තරගාවලිය යටතේ තරග වැදීමට සිදුවූවාය.

 

කාන්තා පළඟ අවසන් පූර්ව වටය
මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස ඛාල්ක් නිම්ජි (කෙන්යාව) පරාජය කරන ලදි. (11/6, 12/10, 13/11)


- 036

 


අදහස් (0)

මිහිලියා පළඟ අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.