Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිහිලියා පළඟ අවසන් පූර්ව වටයට

මිහිලියා පළඟ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ස්කොෂ් ඉසව්වේ පළඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරණි අද (6 වැනිදා) සමත් වූවාය.

අද පෙරවරුවේදී පැවැති පළඟ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 3-1 ක් ලෙස බාර්බඩෝස්හි ඇමැන්ඩා හයිවුඞ් පරාජය කළ මිහිලියා, පස්වරුවේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 3-0 ක් ලෙස ගයානාවේ ටේලර් ෆර්නෑන්ඩස් පරාජය කළාය.

ඊයේ (5 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ ඇමැන්ඩා ලැන්ඩර්ස් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත් වීම නිසා මිහිලියාට ප්‍රධාන තරගාවලියෙන් ඉවත් වී පළඟ තරගාවලිය යටතේ තරග වැදීමට සිදුවූවාය.

අද පැවැති පිරිමි ස්කොෂ් ඉසව්වේ පළඟ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගි වූ රවිඳු ලක්සිරි, එහිදී තියුණු තරගයකින් අනතුරුව සැම්බියාවේ කෙල්වින් ඩොලෙව් හමුවේ වට 3-2 ක් ලෙස පරාජයට පත් විය.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූ තරග

කාන්තා පළඟ කේවල පෙර අර්ධ අවසන් පූර්ව වටය
මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-1 ක් ලෙස ඇමැන්ඩා හයිවුඞ් (බහමාස්) පරාජය කරන ලදි. (11/7, 8/11, 11/5, 11/2)

කාන්තා පළඟ කේවල අර්ධ අවසන් පූර්ව වටය
මිහිලියා මෙත්සරණි (ශ්‍රී ලංකාව) විසින් තරග වට 3-0 ක් ලෙස ටේලර් ෆර්නෑන්ඩස් (ගයානාව) පරාජය කරන ලදි. (11/3, 11/4, 11/4)

පිරිමි පළඟ කේවල අර්ධ අවසන් පූර්ව වටය
කෙල්වින් ඩොලෙව් (සැම්බියා) විසින් තරග වට 3-2 ක් ලෙස රවිඳු ලක්සිරි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 9/11, 11/3, 9/11, 11/9)


- 036

 


අදහස් (0)

මිහිලියා පළඟ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.