Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිරංග ශා.ජෝසප් විද්‍යාලයට ජය ගෙනෙයි

මිරංග ශා.ජෝසප් විද්‍යාලයට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 2 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආනන්ද විද්‍යාලීය පළමු ඉනිමේදී කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මිරංග වික්‍රමගේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක ජයක් ගෙන ඒමට සමත්විය.


ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(ලක්ෂිත අමරසේකර 27, කමේෂ් නිර්මාල් 22, මිරංග වික්‍රමගේ 28/7, ලක්ෂාන් ගමගේ 45/2)

ශා. ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(රෙවන් කෙලී 75, ජෙහාන් ඩැනියල් 45, ලක්ෂාන් ගමගේ 40, ශෙවාන් රසූල් 26, දුනිත් වෙල්ලලගේ 23, මිරංග වික්‍රමගේ 22, දමින්ද රෙශාන් 69/4, අසෙල් සිගේරා 70/3)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(ළහිරු හිරන්ය 28, කවිඳු ගිම්හාන් 26, මිරංග වික්‍රමගේ 37/5, දුනිත් වෙල්ලලගේ 33/3)

 


අදහස් (0)

මිරංග ශා.ජෝසප් විද්‍යාලයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.