Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සඳහා සූදානම් බව කී භානුක රාජපක්‍ෂ අද (02 වැනිදා) සිය යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වී තිබේ. තමන්ගේ බර කිලෝ 7 ක් අඩුවී ඇති බවත්, ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සඳහා තමන් සූදානම් බවත් කී භානුක ඒ සඳහා අවස්ථාවක් දෙන මෙන් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළේය.
අද පැවති යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වීම නිසා භානුක රාජපක්‍ෂ මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරමින් සිටින ජ්‍යෙෂ්ඨයන් 13 දෙනාගේ සංචිතයට එකතු කෙරෙනු ඇත.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සොයාගැනීමේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් කැඳවීමේ අපේක්‍ෂාවෙන් ක්‍රීඩකයන් 13 දෙනකුගේ විශේෂ සංචිතය මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ. තවත් ක්‍රීඩකයන් 20 කට වැඩි පිරිසක් දඹුල්ලේ පුහුණුවීම් කරමින් සිටින අතර ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා දඹුල්ලේ සිටින කණ්ඩායම්වල ක්‍රීඩකයන්ද යොදාගැනීමේ අවස්ථාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වීම සඳහා කිලෝ මීටර 2 ක් දිවයාමේ නිර්දේශිත කාලය විනාඩි 8.35 කි. එම දුර ප්‍රමාණය විනාඩි 8.33 කින් නිමා කර ඇති භානුකගේ සමේ ඇති තෙල් තට්ටුව 104 සිට 71 දක්වා අඩුවී තිබේ. එහි අපේක්‍ෂිත තත්ත්වය නම් සමේ තෙල් තට්ටුව 85 ට වඩා අඩුවෙන් තිබීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ප්‍රසිද්ධියේ විචේචනය කරමින් කළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් භානුක රාජපක්‍ෂට එරෙහිව පැවැති විනය පරීක්‍ෂණයද අවසන් කර තිබේ. එහි වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවත් ශ්‍රී ලංකා නිලධාරියෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.