Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී ඊයේ (14) පැවැති 72 වැනි ‘බ‍්‍රැඩ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර තරගයෙන් පසුව විදුහල් දෙකේ ක‍්‍රීඩකයන් අතර ගුටි බැට හුවමාරුවක් ඇති වූ බව වාර්තා වේ.
තරගයේ ජය සංකේත ප‍්‍රදානයෙන් පසුව ශූරතා පළිහ පිළිබඳව ඇති වූ ප‍්‍රශ්නයක් හේතුවෙන් මෙසේ ක‍්‍රීඩකයන් ගුටි බැට හුවමාරු කරගත් බව වාර්තා වේ.
මෙම තරගය සම තත්ත්වයෙන් අවසන් වීම හේතුවෙන් ආරාධිත අමුත්තා දෙපිලේම නායකයන්ට බ‍්‍රැඩ්බි පළිහ ප‍්‍රදානය කළ යුතුව තිබුණි ද එහිදී එක නායකයකු පළිහ ලබා ගැනීමත් සමග නොසන්සුකාරී තත්ත්වය ඇති වී තිබේ. ඒත් සමඟම පළිහ ලබා ගැනීමට දෙපිලේ ක‍්‍රීඩකයන් අතර පොරයක් ඇති වී පසුව එය ගැටුමක් බවට පත්වූ බව වාර්තා වේ.
තවද මෙම තරගයේ සංවිධාන කටයුතු දුර්වල තත්ත්වයක තිබූ බවට ද චෝදනා එල්ල වේ.
මෙම තරගයේදී රූපවාහිනි විනිසුරුගේ සේවය ලබාගෙන තිබුණ ද තරගය අවසන් වීමට මිනිත්තු කීපයක් තිබියදී රාජකීය විදුහල් ගෝල සීමාවේ පන්දුව පතිත වූයේ ද යන්න ප‍්‍රධාන විනිසුරු අරුණ රන්කොත්ගේ මහතා විමසා සිටිය ද එම රූපරාමු පේ‍්‍රක්‍ෂකයන්ගෙන් වැසී තිබුණි.
ඒ අවස්ථාවේදී ගෝල සීමා ආසන්නයේ පාසල් නිල ඇදුමින් සහ නිල් පැහැති ටීෂර්ට් වලින් සැරසුණු පිරිසක් රොක්ව සිටීම නිසා කැමරාව ආවරණය වී තිබුණි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.