Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 72 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ (30) පස්වරුවේ පැවැති පළමු අදියර තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 22-17 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ.
මෙම තරගය වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් තරගාවලියේද තරගයක් විය.
රාජකීය විදුහල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහල ගෝල දෙකින් සහ දඩුවම් පරකින් ලකුණු එකතු විය.
සම තත්ත්වයේ තිබුණු තරගය අවසන් වීමට මිනිත්තු හතරක් පමණ තිබියදී අස්මීර් ෆජුඞීන් සිය දෙවැනි ගෝල සීමා තරණය සටහන්කර ගැනීමත් සමඟ ලකුණු 22-17 ක් ලෙස රාජකීය විදුහලට ජයග‍්‍රාහි ලෙස පෙරමුණ ගත්තේය.
ත‍්‍රිත්ව විදුහලේ දිලූක්‍ෂ දංගේ දෙවැනි අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ලෂේන් විජේසූරිය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 17-17 ක් ලෙස සම වීමෙන් වර්ෂාව මධ්‍යයේ වුවද තරගය උණුසුම් විය.
ත‍්‍රිත්ව විදුහලට දෙවැනි අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ලෂේන් විජේසූරිය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 10-17 ක් බවට පත්විය.
ප‍්‍රධාන විනිසුරු ඩිංගා පීරිස් මහතාගේ පළමු නළා හඩ නිකුත් වී තත්පර කීපයක් ගතවීමට පෙර රාජකීය විදුහලේ ජනිදු ඩිල්ෂාන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 8000 කට අධික රාජකීය විදුහල් ආධාරකරුවෝ ප‍්‍රීතියෙන් ඉපලී ගියහ. ඔවින් ඇස්කි එයට
අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස රාජකීය විදුහලට ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමිවිය.
ත‍්‍රිත්ව විදුහලේ අංජන බණ්ඩාර 12 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ උත්සාහක දිනුම සනුෂ්ක අබේවික‍්‍රම ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-7 ක් ලෙස සම තත්ත්වයට පත්විය.
ඔවින් ඇස්කි 22 වැනි මිනිත්තුවේදී දඩුවම් පහර සාර්ථක කිරීමත් සමඟ රාජකීය විදුහල ලකුණු 10-7 ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.
අස්මීර් ෆජුඞීන් 26 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඔවින් ඇස්කි අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 17-7 රාජකීය විදුහල පෙරමුණට පැමිණි අතර ලකුණු පුවරුව නොවෙනස්ව පළමු අර්ධය අවසන් විය.
මෙම තරගයේ දෙවැනි අදියර මැයි මස 14 වැනිදා මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.