ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගය පැවැති පසුගිය සෙනසුරාදා (14 වැනිදා) ජංගම දුරකතන සහ වෙනත් නවීනතම සන්නිවේදන උපාංග යොදා ගනිමින් නීති විරෝධී කි‍්‍රයාවන්හි නියැළුණු කිහිප දෙනකුම කී‍්‍රඩාංගණයෙන් ඉවත් කිරීමට නවසීලන්ත පොලිසිය සහ කී‍්‍රඩාංගණ බලධාරීහු පියවර ගත්හ.
‘කෝට්සයිඩිං’ යනුවෙන් හැඳින්වෙන මෙම කි‍්‍රයාදාමය ජංගම දුරකතන උපයෝගී කරගනිමින් තරගයේ තොරතුරු බුකි කරුවන් වෙත යැවෙන්නකි.
එය තරග පාවාදීම මෙන්ම නොවන නමුත් ඊට වඩා වෙනස් ආකාරයේ තොරතුරු යැවීමකි. කෙසේ වෙතත් එවැනි කි‍්‍රයා ලෝක කුසලාන තරගවල ප‍්‍රවේශපත් සම්බන්ධයෙන් පනවා ඇති නීතිය කඩ කිරීමක් යයිද කියැවේ.
”මේගොල්ලන් කරන්නේ මොනවාද කියා අපි දන්නවා”
”මෙවැනි වැඩ කරන කවුරුන් වුණත් ඒ කී‍්‍රඩාංගණ වලින් ඉවත් කරනවා විතරක් නෙමේ, ඔවුන්ට වෙනත් කී‍්‍රඩාංගණ වලට ඇතුළු වීමට නොහැකි ආකාරයටත් අප කටයුතු කරනවා” යයි ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කටයුතු කරන නවසීලන්ත පොලිස් අධිකාරීවරයකු වන සැන්ඩි මැන්ඩසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.