Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඩ්මින්ටන් මුල් පුටුව යළිත් රොහාන්ට

බැඩ්මින්ටන් මුල් පුටුව යළිත් රොහාන්ට

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා යළිත් වරක් නිතරගයෙන් පත් විය. 2019 වසරේ සිට බැඩ්මින්ටන් සංගමයේ සභාපතිධුරය හොබවන ඒ මහතා, බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කිරීමට සහ ඉහළ නැංවීමට අනගි දායකත්වයක් දැක්වීය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ඉදිරි කාලසීමාව සඳහා උපසභාපතිවරු 7 දෙනකුද එහිදී තේරී පත් වූ අතර නවක මුහුණු කිහිපයක්ම ඒ අතර වෙති. නව ලේකම්වරයා ලෙස අජිත් විජයසිංහ මහතා පත් වූ අතර හිටපු භාණ්ඩාගාරික මංගල ගමගේ මහතාට නැවතත් එම තනතුර හිමි විය.

උප ලේකම්ධුරය සඳහා ජාලිය ජයසේකර මහතා සහ ඩබ්.පී.ජී. පුංචිහේවා මෙනෙවිය තේරී පත් වූ අතර උප භාණ්ඩාගාරිකධුරය සඳහා හිටපු ජාතික ශුරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය සහ ආර්.එම්.එස්.ජී. රත්නායක මහතා පත් වූහ.


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය
සභාපති - රොහාන් ද සිල්වා මහතා
උප සභාපතිවරු - රොෂාන් ගුණවර්ධන, රොෂාන් ප්‍රනාන්දු, දිනේෂ් ජයවර්ධන, බුද්ධික ද සිල්වා, චාමර අලුත්ගේ, මොහාන් විජේසිංහ සහ  අලියා ෆයිසර් මහත්වරු
ලේකම් - අජිත් විජයසිංහ මහතා
උප ලේකම් - ජාලිය ජයසේකර මහතා සහ ඩබ්.පී.ජී. පුංචි හේවා මහත්මිය
භාණ්ඩාගාරික - මංගල ගමගේ මහතා
උප භාණ්ඩාගාරික - රේණු චන්ද්‍රිකා මහත්මිය සහ ආර්.එම්.එස්.ජී. රත්නායක මහතා

-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් මුල් පුටුව යළිත් රොහාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.