බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන අන්තර් සමාජ බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් මස 14, 15, සහ 16 දින වලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට අයැදුම් පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සඳහා අයැදුම් කළ හැක්කේ බස්නාහිර පළාත තුළ පවතින ආයතන වලට සහ කී‍්‍රඩා සමාජ වලට පමණි.
තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව හිමිගන්නා කී‍්‍රඩා සමාජ සඳහා වටිනා ත්‍යාග සහ සහතික පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
සියලූම අයැදුම්පත් මේ මස 31 වැනිදාට පෙර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ තරග ලේකම්, ‘ෂට්ල් පවර්’ බැඩ්මින්ටන් කී‍්‍රඩාගාරය, 136, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 යන ලිපිනයට යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 071 8217056 දුරකථන අංකය ඔස්සේ තරග ලේකම් අසංක පීරිස් මහතා ඇමතීමෙන් ලබාගත හැක.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.