Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඞ්මින්ටන් ශූරතාව රාජකීය විදුහලට

බැඞ්මින්ටන් ශූරතාව රාජකීය විදුහලට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවති 6 වැනි වාර්ෂික බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.

කේවල තරග 3 කින් සහ යුගළ තරග 2 කින් සමන්විතවූ මෙම තරගාවලියේ කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් ජය ලැබූ රාජකීය විදුහල, තරග 3-1 ක් ලෙස පෙරමුණ ගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කීවේය. චාමික කරුණාරත්න, මලිත් කාරියවසම් සහ ශාලිත ලියනගේ රාජකීය විදුහල් කණ්ඩායම නියෝජනය කළ අතර සඳනිදු ද සිල්වා, ජොහාන් ද සිල්වා සහ ඔමාල් විශ්වනාත් සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම නියෝජනය කළහ.

මෙහි තරග සැලැස්මට අනුව යුගළ තරග 2 ක් පැවැත්වීමට නිමිතව තිබුණද, පළමු යුගළ තරගය නිමා වන විටත් තරගාවලියේ ජය රාකීයයන් සතුවීම නිසා ඉතිරි යුගළ තරගය පැවැත්වූයේ නැත. මෙම තරග පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ.

 
කේවල තරග තරග ප‍්‍රතිඵල  

  • චාමික කරුණාරත්න (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සඳනිදු ද සිල්වා (සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදී. (21/11, 21/11)
  • ජොහාන් ද සිල්වා (සාන්ත තෝමස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මලිත් කාරියවසම් (රාජකීය විදුහල) පරාජය කරන ලදී. (21/18, 10/21, 21/17)
  • ශාලිත ලියනගේ (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඔමාල් විශ්වනාත් (සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදී. (21/19, 22/20)


යුගල තරග තරගයේ ප‍්‍රතිඵල  

  • චාමික කරුණාරත්න සහ මලිත් කාරියවසම් (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඔමාල් විශ්වනාත් සහ සඳනිදු ද සිල්වා (සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදී. (21/18, 8/9 - තරගය අත්හැර දැමුවා)

 


අදහස් (0)

බැඞ්මින්ටන් ශූරතාව රාජකීය විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.