Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඞ්මින්ටන් ශූරතාව අනුලා විදුහලට

බැඞ්මින්ටන් ශූරතාව අනුලා විදුහලට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය මෙහෙයවූ වයස 18 න් පහළ සමස්ත ලංකා යුගළ බැඞ්මින්ටන් තරගාවලියේදී නුගේගොඩ අනුලා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදි. කොළඹ නාලන්දා විදුහල එහි බාලක ශුරතාව දිනාගත්තේය.

අනුලා විදුහල මෙම ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස ප‍්‍රබල කණ්ඩායමක් වන කොළඹ විශාඛා විදුහල් පිල පරාජය කිරීමට අනුලා විදුහල සමත් වීම කැපී පෙනුණි. අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරගයේදී මහනුවර මහමායා බාලිකා විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.


ජයග‍්‍රාහී අනුලා විදුහල් බැඞ්මින්ටන් කණ්ඩායම

ලකිනි ශෂිභානි, සෙනුරි ඉසුරිකා සමරසේන, හරිනි හේවාතන්ත‍්‍රි, විහංගා විජේසූරිය, කනිෂ්කා ගුණසේකර, සඳුනි රුවන්තිකා, සිතාරා බුද්ධිනී, සජිනි බුද්ධිකා, තිසුරි පීරිස්, කළනි ප‍්‍රමෝද්‍යා සහ කසුනි නානායක්කාර.
බැඞ්මින්ටන් බාර ආචාරිනී - නිරන්ජා ජයනන්ද මෙනවිය සහ පුහුණුකරු - චමීර කුමාරප්පෙරුම මහතා

 

(ඡායාරෑපය - සංජීව නිරෝෂන)


අදහස් (2)

බැඞ්මින්ටන් ශූරතාව අනුලා විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.