ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස රන්චිහිදී අද (18) පැවැති දිනයේ පළමු තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 5 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කළේය.
බැංගලෝර් පිතිකරුවෝ ලකුණු 139 ක ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කළහ. බැංගලෝර් පිල මේ වන විට තරග 11 කට සහභාගි වී තරග 5 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 10 ක් සමගින් පස්වැනි ස්ථානයේ පසු වෙයි.
ක‍්‍රිස් ගේල් පන්දු 50 කදී හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගතකරමින් ලකුණු 46 ක් ලබා ගත්තේය.
සුරේෂ් රයිනා, චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 48 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස් කළේය.
මෙහිදී බැංගලෝර් පිලේ ආරම්භක පන්දු යවන්නා බවට පත්වූ ශ්‍රී ලංකා සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕවර හතරේදී ලකුණු 29 කට ඬේවිඞ් හසී දවා ගත්තේය.
තරගාවලිය පුරාම චෙන්නායි පිලට හොද ආරම්භයක් ලබාදුන් ඞ්වේන් ස්මිත් (09) සහ බ්‍රෙන්ඩන් මැකලම් (19) මුළු ලකුණු 29 යේදී පිටියෙන් ඉවත් වූහ. චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 138 (බ්‍රෙන්ඩන් මැකලම් 19, සුරේෂ් රයිනා නොදැවී 62, ඬේවිඞ් හසී 25, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 10, වරුන් ඇරොන් 29/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.5 කදී කඩුලූ 5 ට 142 (ක‍්‍රිස් ගේල් 46, විරාට් කෝලි 27, ඒ. බී. ඩිවිලියස් 28, යුවරාජ් සිං නොදැවී 13, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 16/2, ඬේවිඞ් හසී 38/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.