Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලිකා කි‍්‍රකට් ශූරතාව නුගේගොඩ අනුලා විදුහලට

බාලිකා කි‍්‍රකට් ශූරතාව නුගේගොඩ අනුලා විදුහලට

ශනුක අරවින්ද - 2014 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල සමත්විය. කොළඹ කැම්බල් පාර්ක් කී‍්‍රඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහල කඩුලූ 6 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත් අතර අවසන් තරගයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස නුගේගොඩ අනුලා විදුහලේ හෂිනි පෙරේරා සම්මාන දිනාගත්තාය.

රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සන්දීපනී අවසන් තරගයේ දක්ෂතම පිතිකාරිනිය ලෙස සම්මාන ලැබූ අතර නුගේගොඩ අනුලා විදුහලේ ජනාදි අනාලි දක්ෂතම පන්දු යවන්නිය ලෙස සම්මාන ලැබුවාය.

අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය නුගේගොඩ අනුලා විදුහල,  ඕවර 25.2 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී හෂිනි පෙරේරා (නොදැවී 41) සහ ජනාදි අනාලි (නොදැවී 23) එක් අනුලා විදුහල් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විදුහල  ඕවර 29.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 117 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරවූ ජනාදි අනාලි ලකුණු 5 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත්වූවාය.

ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහල සහ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහල සමත්විය.

අවසන් මහ තරගය

දේවපතිරාජ විදුහල -  ඕවර 29.3 කදී සියලූ දෙනා දැවී 117
(සත්‍යා සන්දීපනී 36, පූජා රෂ්මි 17, උමේෂා තිමේෂනී 15, ජනාදි අනාලි 5/5)  

අනුලා විදුහල -  ඕවර 25.2 කදී කඩුලූ 4 ක් දැවී 118
(හෂිනි පෙරේරා නොදැවී 41, ජනාදි අනාලි නොදැවී 23, හිරුෂි සුලක්ඛනා 12, නිලක්ෂනා සඳමිණි 21/2)
 
තෙවැනි ස්ථානය තේරීමේ තරගය

විජයබාහු මහ විදුහල -  ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 87
(ශානිකා මධුධෂානි 29, චතුරිකා ලියනගේ 27/3, මේධරා නිශංකා 1/2, තිළිණි නිශංකා 17/2)
රත්නාවලි බාලිකා විදුහල -  ඕවර 15 කදී සියලූ දෙනා දැවී 41
(සිතාරා මධුවන්ති 5/4, හංසනී නිරුෂිකා 1/2)

 


අදහස් (0)

බාලිකා කි‍්‍රකට් ශූරතාව නුගේගොඩ අනුලා විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.