ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘එ’ කාණ්ඩයේ බාලිකා පැසිපන්දු තරගාවලිය ඊයේ (2 වැනිදා) ආරම්භ විය.
කණ්ඩායම් 8 ක් සහභාගී වන මෙම තරගාවලිය, වැල්වත්ත ශාන්ත ලෝරන්ස් විදුහල් කී‍්‍රඩාංගණයේදී සහ හැව්ලොක් පෙදෙස හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී දින 4 ක් පුරා පැවැත්වේ.
කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය, වැල්වත්ත ශාන්ත ලෝරන්ස් විදුහල, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල සහ මොරටුව ජයලත් අප ස්වාමිදුගේ කන්‍යාරාමය ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටිති.
නුගේගොඩ ශාන්ත ජොශප් බාලිකා විදුහල, බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සහ මහනුවර උසස් බාලිකා විදුහල තරගාවලියට එක්ව සිටින්නේ ‘බී’ කාණ්ඩයෙනි.
තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 4 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය සහ තෙවැනි ස්ථානය තෝරාගන්නා තරගය 5 වැනිදා පැවැත්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.