Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාබරා පැරීසියේදී ද්විත්ව ශූරතා දිනයි

බාබරා පැරීසියේදී ද්විත්ව ශූරතා දිනයි

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගනිමින් එවන් දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩිකාවන් අතලොස්ස අතරට එක් වීමට චෙක් ජන රජයේ බාබරා ‍ක්‍රේසිකෝවා සමත් වූවාය. ඉකුත් සෙ‍නසුරාදා (12 වැනිදා) කාන්තා කේවල ශූරතාව දිනූ ඇය, සිය සහායක ක්‍රීඩිකාව වන කැත්රිනා සිනයිකෝවා සමග එක්ව ඉරිදා (13 වැනිදා) කාන්තා යුගල ශූරතාද දිනාගත්තාය.

මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි කාන්තා යුගල කාණ්ඩයේ පෙරමුණේ පසුවන 25 හැවිරිදි බාබරා, මින් පෙර ප්‍රංශ (2018) සහ විම්බල්ඩන් (2018) කාන්තා යුගල ශූරතා 2 කටද, ඕස්ට්‍රේලියානු (2019, 2020, 2021) මිශ්‍ර යුගල ශූරතා 3 කටද හිමිකම් කී නමුත්, ඇය කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය විය.

මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් (6/1, 2/6, 6/4) ලෙස රුසියාවේ ඇනස්ටේෂියා පව්ලියුචෙන්කෝවා පරාජය කළ බාබරා, යුගය අවසන් මහ තරගයේදී කැත්රිනා සමග එක්ව වට 2-0 ක් (6/4, 6/2) ලෙස පෝලන්තයේ ඉගා ස්වියාටෙක් සහ ඇමරිකාවේ බෙතේනි සෑන්ඩ් පරාජය කළාය.

මෙම ජයග්‍රහණයත් සමග වසර 21 කට පසුව ප්‍රංශ විවෘත තරගාවලියේ කේවල සහ යුගල ඉසව් දෙකම ජයගත් පළමු ක්‍රීඩිකාව මෙන්ම රෝලන්ඩ් ගැරෝස්හිදී එවන් දක්ෂතාවක් දැක්වූ 7 වැනි ක්‍රීඩිකාව බවටද බාබරා පත්වූවාය. ඇයට පෙර එවන් දක්ෂතාවක් දක්වා තිබුණේ ප්‍රංශයේ මේරි පියර්ස් වන අතර ඒ 2000 වසරේදීය.

අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක කේවල සහ යුගල ශූරතා දිනාගනු ලැබුවේ ඇමරිකාවේ සෙරීනා විලියම්ස්ය. 2016 වසරේ පැවැති විම්බල්ඩන් ශූරතාවලියේදී සෙරීනා කේවල සහ යුගල ශූරතා ද්විත්වයම දිනාගත්තාය. කෙසේ වුවත් ඉන් අනතුරුව සෙරීනාට මේ දක්වා දිනාගත හැකි වුයේ එක් කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් පමණි.

-036


අදහස් (0)

බාබරා පැරීසියේදී ද්විත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.