Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර මධ්‍යමට ලකුණු 100 ක ජයක්

බස්නාහිර මධ්‍යමට ලකුණු 100 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 100 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර ඩි.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් කවිඳු පතිරත්න (68) සහ පවන් රත්නායක (64) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සම්පත් නිශංක ලකුණු 46 කට කඩුලු 4 ක්ද , භවන්ත හරිත් ලකුණු 33 කට කඩුලු 3 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

බස්නාහිර මධ්‍යම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 270
(කවිඳු පතිරත්න 68, පවන් රත්නායක 64, දිනුක රූපසිංහ 41, ඩිල්ෂාන් සඳරුවන් 41/3, කවිඳු ඒකනායක 11/2)


උතුරු මැද - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී ලකුණු 170
(මනීෂ රුක්ෂාන් 53, ලසන්ත ලක්ෂාන් නොදැවී 30, සම්පත් නිශංක 4/46, භවන්ත හරිත් 33/3, අමිත දාබරේ 34/2)

 


අදහස් (0)

බස්නාහිර මධ්‍යමට ලකුණු 100 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.